යුක්රේන සිවිල් වැසියෝ 1,793 ක් මැරිලා

රුසියන් හමුදා ප්‍රහාරවලින් අද වනවිට යුක්රේන සිවිල් වැසියන් 1,793 දෙනකුට වඩා වැඩි පිරිසක් මියගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
යුක්රේන සිවිල් වැසියන් බොහෝ දෙනා මියගොස් ඇත්තේ මිසයිල සහ රොකට් ප්‍රහාරවලින් යැයි ද මහ කොමසාරිස් කාර්යාලය පැහැදිලි කර තිබේ.
තමන්ට තොරතුරු ලැබෙන්නේ යුක්රේන රජය හරහා බවත්, සැබෑ මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය අවධාරණය කර ඇත.
(රොයිටර්)

