යුක්රේන වැසියෝ මිලියනයක් අවතැන්



රුසියන් ප්‍රහාර හමුවේ යුක්රේනයෙන් පලා ගිය සිවිල් වැසියන් ගණන මිලියනයක් යැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් හමුදා උතුරින්, දකුණින් සහ නැගෙනහිරින් යුක්රේනයට කඩා වැදී පහර දී යුක්රේනයේ ප්‍රධාන නගර අත්පත් කර ගැනීම ආරම්භ කළේ මීට සතියකට පෙර පසුගිය 24 වැනිදාය.

‘රුසියන් යුක්රේන යුදගැටුම් හමුවේ අසල්වැසි රටවලට පලා යමින් සිටින යුක්රේන සරණාගතයන් ගණන මේ වනවිට මිලියනයක්. තවමත් යුද්ධයේ අවසානයක් පෙනෙන්න නැහැ.’ යැයි එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනයේ ප්‍රධානී ෆිලිප්පෝ ග්‍රාන්ධි නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS