යුක්රේන ජනාධිපතිගෙන් බයිඩන්ට විශේෂ වාර්තාවක්



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී විශේෂ වාර්තාවක් ඇමෙරිකා ජනාධිති ජෝ බයිඩන්ට ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි. 

මෙම වාර්තාට ඇතුළත් වෙන්නේ, රුසියාව යුක්රේනය ආක්‍රමණය කරන අතරතුරේ, යුක්රේන හමුදා රුසියාවේ කර්ස්ක් නමැති පලාත අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් යැයි ද පැවැසෙයි.

රුසියාවට අයත් කර්ස්ක් පළාත පිහිටා ඇත්තේ රුසියන් යුක්රේන දේශසීමාවේය. 

යුක්රේන සෙබළුන් දේශසීමා හරහා ගොස්, රුසියන් ප්‍රහාර වළක්වා ගනිමින්, කර්ස්ක් පළාතේ ගම්මාන එකිනෙක අල්ලා ගැනීම ‘රුසියාවට එල්ල කළ අතුල් පහරක්’ බව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර ඇත.

යුක්රේන හමුදාවට රුසියාවේ කර්ස්ක් පළාත අත්පත් කර ගැනීමට හැකිවී ඇත්තේ, ඇමෙරිකාව ඇතුළු සෙසු බටහිර රටවලින් ලැබුණු අවි ආයුධ සහ ප්‍රහාරක ජෙට් යානාවල ආධාරයෙනි.

බයිඩන් පරිපාලනය රුසියන් යුක්රේන යුද්ධයේදී යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කීට සහාය දෙන්නේ, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට විරුද්ධව යමිනි. 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS