යළිත් වරක් යුක්රේන ජනපති මරන්න හදලා



යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඝාතනය කිරීමට රුසියාව උත්සාහ කර ඇතැයි යුක්‍රේන ආරක්ෂක අංශ පවසයි.

එම ඝාතනයට අදාළ කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකපිට යුක්‍රේන රජය ආරක්ෂාකිරීමේ ඒකකයේ අණදෙන නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවැසෙයි. 

එම නිලධාරීන් දෙදෙනා රුසියානු ඔත්තු නිලධාරීන් බව පසුව අනාවරණය වී ඇතැයි ද බුද්ධි අංශ වැඩි දුරටත් කියා සිටී. එම නිලධාරීන් දෙදෙනා ජනාධිපති සෙලෙන්ස්කිගේ ආරක්ෂකයින් අතරින් ඔහු ඝාතනය කිරීමට කැමති අයෙකු සොයා රහසිගත මෙහෙයුමක් කර ඇතැයි ද අනාවරණ කර තිබේ.

මීට පෙර ද යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඝාතනය කිරීමට සැලැසුම් ක්‍රියාත්මක වුව ද ඒවා ව්‍යර්ථ කිරීමට යුක්රේන ආරක්ෂක අංශ සමත් වුණු බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS