යළිත් වරක් කොරෝනා අවදානමක්

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය යළිත් වරක් චීනයේ පැතිරීමේ අවදානමක් හටගෙන ඇති බව එරට සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති. ඒ, විදේශවලින් පැමිණෙන චීන ජාතිකයන් ආසාදිතයන් බව තහවුරු වීමෙන් පසුවය.
‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. කෙසේ නමුත් මේ වනවිට වූහාන් නුවර ආසාදිතයන් ගණන සහ මරණ ගණන අඩුවෙමින් පවතී. පසුගිය තෙදින ඇතුළත වූහාන් නුවරින් කිසිදු කොරෝනා වයිරස ආසාදිතයකු වාර්තා වී නැතැයි ද පැවැසෙයි.
විදේශවලින් පැමිණෙන චීන ජාතිකයන් සහ සංචාරකයන්ගෙන් වයිරසය යළි චීනයේ ව්‍යාප්ත විය හැකි බව ලන්ඩන් නුවර ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් ද අනතුරු අඟවීම් කර තිබේ.
බීජීංහිදීය (රොයිටර්)

