යළි චීනය සමඟ එක්වන්නැයි කියයි

පවතින මත ගැටුම් සාමකාමීව අවසන් කර, යළි චීනය සමඟ එක් වන්නැයි චීන ජනාධිපති ෂී ජින්පින් තායිවාන වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය.
චීන ජනාධිපති ෂී ජින්පින් මෙම ඉල්ලීම කළේ, තායිවානය චීනයෙන් වෙන්වීමෙන් පසු, චීනය සහ තායිවානය අතර ගැටුම් පැවැතිණි. චීනය තායිවාන වෙරළ තීරයට බෝම්බ දැමීම සිදු කළ අතර, 1979 වසරේ චීනය තායිවානයට හමුදාමය බලපෑම් කිරීම නැවැත්වීය. චීන ජනාධිපතිවරයා මෙසේ හමුදාමය බලපෑම් නවත්වා වසර 40 ක් ගතවීම නිමිත්තෙන් පැවැත්වූ දේශනයේදීය.
චීනය අසල පිහිටි දූපත් රාජ්‍යයක් වන තායිවානය චීනයේ කොටසක් බවත්, දෙරටේම සිටින්නේ එකම වැසියන් පිරිසක් බවත්, තායිවානය යළි චීනයේ කොටසක් විය යුතු බවත්, තායිවාන වැසියන් ඒ බව අවබෝධ කරගත යුතු බවත් චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
තායිවානයට කිසිම අවස්ථාවක ‘ස්වාධීන’ රාජ්‍යයක් බවට පත් විය නොහැකි බවත්, එසේ කිරීමට කිසිවකුටවත් අයිතියක් නොමැති බවත් චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කළේය. තායිවානය යළි චීනයට එක් කර ගැනීමට අවශ්‍ය බලය භාවිත කිරීමට පවා චීනයට අයිතියක් ඇති බව ද අවසන් වශයෙන් චීන ජනාධිපතිවරයා කියා සිටියේය.
මේ අතර, තායිවානය චීනයේ කොටසක් නොව, ස්වාධීන රාජ්‍යයක් බවත්, එය චීනය පමණක් නොව චීන ජනාධිපති ෂී ජින්පින් අවබෝධ කරගත යුතු බවත්, චීනය සහ තායිවානය අතර පවතින අර්බුදය සාමකාමීව අවසන් කිරීමට පියවර ගත යුතු බවත් තායිවාන ජනාධිපතිනී සායි ඉන්ග් වෙන් තායිවාන වැසියන්ට දන්වා ඇත.
(ඒ.එෆ්.පී.)

