යහපත් සබඳා අරඹනවා



අසල්වැසි ඉන්දියාව සමඟ යහපත් සබඳතා ආරම්භ කිරීමට තමා පමණක් නොව, පාකිස්තාන හමුදාව ද කැපැවී සිටින බව පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කියයි.

අගමැති ඉම්රාන් මේ බව කියා සිටියේ ශීක් බැතිමතුන් වෙනුවෙන් ඉන්දු පාකිස්තාන දේශසිමා මාර්ගය විවෘත කිරීමේ විශේෂ උත්සවයට සහභාගී වෙමිනි.

මෙම උත්සවයට ඉන්දීය රාජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු සහ හිටපු ඉන්දිය ක්‍රිකට් තරුවක වන නව්ජෝත් සිදු ද සහභාගී වූ බව වාර්තා වේ.

ඉදිරියට පියවර තබමින්, ඉන්දියාව සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට, පැහැදිලි අර්ථවත් සාකච්ඡා පැවැත්වීම කළ යුතු බවත් තම රජය ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් අවධාරණය කර තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS