යටත් වෙන්න ! පුටින් යුක්රේනයට කියයි

යුද ගැටුම් තවත් උත්සන්න වීමට ඉඩ නොදී යටත් වෙන්නැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ප්රමුඛ රජයට පවසා තිබේ.
මේ වනවිට රුසියාව යුක්රේනයේ නගර එකිනෙක අත්පත් කර ගනිමින් සිටින අතර, කීව් අගනුවර ද වට කර ඇති බව වාර්තා වේ.
යුක්රේන රජය යටත් නොවන්නේ නම්, තව දුරටත් ප්රහාර එල්ල කරන බව ද ජනාධිපති පුටින් අවධාරණය කර තිබේ.
යුද ගැටුම් හේතුවෙන් යුක්රේන වැසියෝ මිලියන 1.5 ක් මේ වනවිට යුක්රේනයෙන් පිටවී අසල්වැසි රටවලට පලා ගොස් ඇතැයි ද පැවැසෙයි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී යටත්වීම ප්රතික්ෂේප කර ඇති අතර, ඔහු අවුරුදු 18 ත් 60 ත් අතර යුක්රේන පිරිමින්ට, රටින් පිටවීම තහනම් කර ඇති බව ද පැවැසෙයි. අවි දැරිය හැකි සියලු දෙනා රට බේරා ගැනීමට සටන් කළ යුතු බව යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබේ.
(රොයිටර්)

