මෝදිට දූෂණ චෝදනා



ප්‍රංශයෙන් ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීමේ ගිවිසුමක් සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇත.

එල්ල වී ඇති චෝදනාව වන්නේ, මෝදි ඔහුගේ සමීපතම ඉන්දීය ව්‍යාපාරිකයකුට එම ගුවන් යානා මිලදී ගැනීමේ කොන්ත්‍රාත්තුවෙන් කොටසක් ලබා දුන් බවටය.

මෙම ප්‍රහාරක ජෙට් යානා ගනුදෙනුව සිදුවී ඇත්තේ, ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකලස් ඕලන්ද්ගේ රජය පැවැති අවස්ථාවේදීය. කිසිදු විනිවිදභාවයකින් තොරව, ඉන්දියාව සමඟ ප්‍රහාරක ජෙට් යානා සිදු කළේ යැයි හිටපු ජනාධිපති ෆ්‍රන්සුවා ඕලන්ද්ට ද චෝදනා එල්ල වී ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS