මෝදිට ට්‍රම්ප්ගේ සහාය
‘කොවිඞ් 19’ වයිරසය හමුවේ ඉන්දියාවට අවශ්‍ය සියලු පහසුකම් කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දෙන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
වසංගතයට එරෙහි සටනේ දී තම සහාය නොඅඩුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ලබා දෙන බව ඇමෙරිකන් ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් මගිනි.
ඇමෙරිකාවෙන් ඉන්දියාවට ස්වසන උපකරණ (වෙන්ටිලේටර්) තොගයක් පරිත්‍යාග කිරීමට ද තමන් කටයුතු කරන බව ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ ට්විටර් පණිවුඩයෙහි දැක්වෙයි.
(රොයිටර්)

