මෝදිගේ ට්විටර් ගිණුමට ප්‍රහාරයක්
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෞද්ගලික ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත.
සයිබර් ප්‍රහාර යනු පරිගණක ජාල ආශ්‍රිතව සිදුවන කඩාකප්පල්කාරී ක්‍රියාකාරකම්ය. කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකරන්නන් හැඳින්වෙන්නේ පරිගණක හැකර්වරුන් ලෙසය.
අගමැති මෝදිගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් පිවිසි කිසියම් අයකු හෝ කණ්ඩායමක්, අගමැතිවරයා ලෙස පෙනී සිටිමින් සහන අරමුදලක් සඳහා ආධාර මුදල් ලබා දෙන්නැයි ඉල්ලීමක් කර තිබේ. ඒ, බැංකු ගිණුමක විස්තර ද පළ කරමිනි.
ට්විටර් සමාජ මාධ්‍ය භාවිත කරන ලෝක නායකයන් අතරේ කැපී පෙනෙන අයකු වන්නේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි වන අතර මෝදිගේ ට්විටර් ගිණුම හා සම්බන්ධ වී සිටින පිරිස මිලියන 2.5 ට වැඩිය.
මේ අයුරින්ම පසුගිය ජූලි මාසයේ ඇමෙරිකන් ජනපතිධුර අපේක්ෂකයා වන ජෝ බයිඩන්ගේත්, ටෙස්ලා සමාගමේ නිර්මාතෘ කෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක්ගේ ට්විටර් ගිණුම්වලට ද පිවිසුණු හැකර්වරුන් මේ අයුරින් ම මුදල් පරිත්‍යාග කරන්නැයි ඉල්ලීම් කර තිබුණි.
නවදිල්ලියේදීය (රොයිටර්)

