මෝදිගෙන් වාර්තාවක්

ඇමෙරිකා ඉරාන යුද ගැටුම් මැද ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සවිටුහන් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
ඒ, ජනතා සේවකයකු ලෙස, (ගුජරාඨ ප්‍රාන්ත මහ ඇමැති මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස) දින 8,931 ක් සිය සේවය ලබා දීමත් සමගය. මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2014 වසරේදීය. ඊට පෙර ඔහු ගුජරාඨ ප්‍රාන්තයේ මහ ඇමැති ධුරය හෙබවීය.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ සිකිම් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති පවන් කුමාර් චැම්ලින් බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි. පවන් කුමාර් චැම්ලින් දින 8,930 ක් ජනතා සේවකයකු ලෙස සිය රාජකාරි කර ඇත.

