මෝදි ප්‍රාන්ත අරමුදල් කපන්න හදලා



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, 2014 වසරේ, පළමු වරට බලයට පත් වූ සැණින්, ඉන්දීය මුදල් කොමිසම් සභාවේ ප්‍රධානීන් සමඟ රහස් සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ, ඉන්දීය ප්‍රාන්තවලට වෙන් කෙරෙන අරමුදල් කප්පාදු කිරීම සම්බන්ධයෙනි.

කෙසේ නමුත් ඉන්දීය මුදල් කොමිසම් සභාවේ ප්‍රධානීන් ඊට තදින්ම විරෝධය දැක්වූ නිසා, අග්‍රාමාත්‍ය මෝදිට අරමුදල් කප්පාදුවක් සිදු කිරීමට නොහැකි වී ඇත. ඉන්දීය මුදල් කොමිසම් සභාව යනු ස්වාධීන ව්‍යවස්ථාදායක ආයතනයකි. බදු මුදල්වලින්, ප්‍රාන්තවලට අරමුදල් වෙන් කිරීම තීරණය කරන්නේ මෙම ආයතනයයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS