මෝදි දිවුරුම් දෙයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, තෙවැනි වරටත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම සිදුවූයේ ඉන්දීය ජනාධිපති මන්දිරය හෙවත් රාෂ්ට්‍රපතිභවන් ඉදිරිපිට පැවැති විශේෂ උත්සවයේදීය. දිවුරුම් දීම සිදුවූයේ ඉන්දීය ජනාධිපතිනී ද්‍රෞපදී මුර්මු ඉදිරියේය.

මෝදි දිවුරුම් දීමෙන් පසු ඔහුගේ නව සන්ධාන රජයේ මන්ත්‍රීවරුන් හැත්තෑ දෙදෙනාගේ දිවුරුම් දීම සිදුවිය. එම හැත්තෑ දෙදෙනාගෙන් 30 දෙනකු කැබිනට් ඇමැතිවරුන්ය.

ඉතා ගාම්භීර අයුරින් පැවැත් වුණු මෙම දිවුරුම් දීමේ උත්සවයට අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන්, දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන්, ඉන්දීය නළු නිළියන් ඇතුළු 8,000 ක ආරාධිත අමුත්තෝ පිරිසක් සහභාගී වූහ. දිවුරුම්දීමේ උළෙලට සහභාගී වූ ඉන්දීය නළු නිළියන් අතරේ රජිනි කාන්ත්, ෂාරුක් ඛාන්, අනිල් කපූර් දැකගත හැකි විය.

උත්සවයට සහභාගී වූ අසල්වැසි කලාපීය රටවල රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මාලදිවයින ජනාධිපති මොහොමඩ් මුයිසු සහ බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ද වෙති.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS