මෝදි කෝපයෙන් - කනස්සල්ලෙන්

ඉන්දු චීන දේශසීමාවේ සිදුවුණු ප්‍රහාරයෙන් ඉන්දීය සොල්දාදුවන් 20 දෙනකු මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් තමන් කනස්සල්ලට පත්වුණු බවත් එම සිදුවීම සම්බන්ධයෙන් තමන් කෝපයට පත්වුණු බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පවසයි.
කෙසේ නමුත් චීන සොල්දාදුවන් ඉන්දීය දේශසීමාවේ, ඉන්දීය මුරපොළ අත්පත් කර නොගත් බව අගමැතිවරයා ඉන්දීය ජනතාවට සහතික වී ඇත. ඉන්දීය සොල්දාදුවන්ට ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේදී, ඉන්දීය හමුදාවේ තවත් සොල්දාදුවන් 10 දෙනකු චීන හමුදාව විසින් අල්ලා ගත් බවත් පසුව ඔවුන් නිදහස් කර ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කර ඇත.
කෙසේ නමුත් ඉන්දීය දහ චීන හමුදා පවසා ඇත්තේ එවැන්නක් සිදු නොවුණු බවය. ඉන්දියාව තරයේ කියා සිටින්නේ, තම සොල්දාදුවන් චීන හමුදාවේ ග්‍රහණයට හසු නොවුණු බවය.
මේ අතර, ඉන්දු චීන දේශසීමාවේ හටගත් අර්බුදය මුල්කොට ගනිමින්, ඉන්දීය නිෂ්පාදන මිලදී ගැනීම තහනම් කරන්නැයි ඉන්දියානුවෝ ඉන්දීය රජයට බල කරන බව ද වාර්තා වේ.
(අල් ජසීරා)

