මෝදි ඇමති මණ්ඩලය කැඳවයි



පුරවැසි පනතට එරෙහි ඉන්දියාව පුරා ආරම්භ වූ විරෝධතා උත්සන්න වීමත්, පොලිසිය සමඟ ගැටීමෙන් 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීමත් සමඟ, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය ඇමැති මණ්ඩලය කැඳවූ බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

අගමැති මෝදි සහ ඇමැති මණ්ඩල රැස්වීම පැවැත්වූයේ දිල්ලියේ ගර්වි ගුජරාඨ භවන් හිදීය. ඇමැතිවරුන්ට අමතරව අමත්‍යාංශ ලේකම්වරුන් ද ඊට කැඳවා තිබුණු බව පැවැසෙයි.

පසුගිය මාස 6 ඇතුළත ඉන්දියාවේ සිදුවුණු සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද අගමැති මෝදි මෙහෙදී විමසීමක් කළ බවත් අඩු පාඩු පෙන්වා දී ඉදිරි සංවර්ධන කටයුතු සඳහා උපදෙස් ලබා දුන් බවත් වාර්තා වේ.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS