මෝදි අන්දමන් නිකොබාර් දූපත්වල සංචාරයක



අන්දමන් සහ නිකොබාර් දූපත්වලට අයත් දූපත් තුනක නම් වෙනස් කිරීමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. ඒ,  අන්දමන් සහ නිකොබාර් දූපත්වල සංචාරයක නියැලෙමිනි.

අන්දමන් සහ නිකොබාර් දූපත් පිහිටා ඇත්තේ බෙංගාල බොක්කේය. අන්දමන් සහ නිකොබාර් දූපත් අතරට දූපත් 300 ක් අයත් වෙයි. මේවා ඉන්දීය පාලනයට අයත් පාලන ප්‍රදේශ වෙයි.

ඉන්දීය අගමැති මෝදිගේ මැදිහත් වීමෙන්, ‘රෝස් අයිලන්ඞ්’ දූපත ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමී නෙටාජී සුබාස් චන්ද්‍ර බෝස් ට ගරු කරමින් ඔහුගේ නමින් ද ‘නීල් අයිලන්ඞ්’ දූපත ෂහීද් දූපත යන නමින් ද ‘හේව්ලොක් අයිලන්ඞ්’ දූපත ස්වර්ජ් දූපත යන නමින් ද නම් කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මෙම දූපත් ත්‍රිත්වය ප්‍රධාන සංචාරක ආකර්ශණ යැයි ද පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS