මොසැම්බික් ආ පාප්තුමන්ට උණුසුම් පිළිගැනීමක්



ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා මොසැම්බියක් රාජ්‍යය බලා පැමිණි අතර මොසැම්බික් ජනාධිපති නයිසුයීගෙන් එතුමන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

මොසැම්බික් අප්‍රිකාවට අයත් ඉන්දීය සාගර කලාපයේ පිහිටි අප්‍රිකා රාජ්‍යයකි. පාප්තුමන් අප්‍රිකා රටක සංචාරයට පැමිණි සිදුවැනි අවස්ථාව මෙයයි. මොසැම්බික් සංචාරය පැය 8 කට සීමා වනු ඇති අතර, පාප්තුමන් ඉන්පසු මැඩගස්කර් දූපත් රාජ්‍යයටත් මොරිසි දූපත් රාජ්‍යයටත් යෑමට නියමිතය.

මැඩගස්කරය සහ මොරිසි දූපත් රාජ්‍යය ඉන්දීය සාගරයේ පිහිටා ඇත. දේව මෙහෙයට අමතරව පාප්තුමන් මොසැම්බික් රාජ්‍යයේ දී දේශන පහක් ද, මැඩගස්කරයේදී දේශන අටක් ද, මොරිසි දූපතේ දේශන දෙකක් ද පැවැත්වීමට නියමිත යැයි වතිකානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

වතිකානයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS