මොස්කව් රෝහලක ගින්නක්

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ආසාදිතය රෝගීන් ද ප්රතිකාර ලබන රුසියාවේ මොස්කව් අගනුවර රෝහලක ගින්නක් හටගත්තේය.
ගින්නට හසුවීමෙන් එක් රෝගියකු ජීවිතක්ෂයට පත්වුණු බවත් සෙසු රෝගීන් 200 දෙනා බේරා ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය සමත් වූ බවත් පැවැසෙයි.
මියගිය එම රෝගියා කොවිඞ් 19 ආසාදිතයකු බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ගින්නෙන් බේරා ගත් රෝගීන් 200 දෙනා අතරේ කොරෝනා ආසාදිත රෝගීන් කොපමණ සිටිනවාදැයි වාර්තා වී නැත.
(රොයිටර්)

