මොගඩිෂු අගනුවර පිපිරිමක්

සෝමාලියාවේ මොගඩිෂු අගනුවර කාර් බෝම්බයක් පුපුරා යෑමෙන් 8 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 17 කි.
තුවාල ලැබූ සහ මියගිය පිරිස අතරේ පාසල් දරු දැරියන් සිටින බව වාර්තා වේ. පොලිස් ප්‍රකාශකයකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තුවාල ලැබූ 17 දෙනාගෙන් 13 දෙනකුම පාසල් දරු දැරියන් බවය.
තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසා තිබේ.
බෝම්බය පුපුරා ගියේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක අංශ සාමාජිකයන් රැගත් රථ පෙළක් ඉලක්ක කර ගනිමින් යැයි සෝමාලි හමුදාව පවසා තිබේ.
ප්‍රහාරයේ වගකීම සෝමාලියාවේ ප්රචණ්ඩ ක්‍රියා සිදු කරන අල් ෂෙබාබ් ත්‍රස්තවාදින් විසින් බාරගනු ලැබ ඇත. කාර් බෝම්බය පුපුරා යෑමෙන් පසු එම ස්ථානයේ වෙඩි හුවමාරු සිදුවුණු බව ද වාර්තා වේ.
(අල් ජසීරා)

