මෙවර නොබෙල් තෑගි දෙකක්



මෙම වසරේ සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් ත්‍යාග දෙකක් ප්‍රදානය කෙරෙන බව නොබෙල් කමිටුව පවසා ඇත. සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් ත්‍යාග ප්‍රදාන අද (10) සිදුවෙයි.

මෙම වසරේ සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් තෑගි දෙකක් ප්‍රදානය කෙරන්නේ, පසුගිය 2018 දී සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් ත්‍යාග ප්‍රදානය නොවුණු නිසාය. ඊට හේතු වූයේ නොබෙල් විනිසුරු මඬුල්ලේ සාමාජික ජෝන් ක්ලෝද් ආර්නෝල් ට ලිංගික අපචාර චෝදනා එල්ල වීමත් එමගින් විනිසුරු මඬුල්ලේ විශ්වාසනීයත්වය පළුදු වීමත් නිසාය. එම චෝදනාවලට වරදකරු වීමෙන් ජෝන් ක්ලෝද් ආර්නෝල් ට වසර දෙකක සිර දඬුවම් නියම විය.

මෙම වසරේ ‘හෑන්ඞ් මේඞ්ස් ටේල්’ කෘත්‍රිය රචනා කළ කැනේඩියානු ජාතික කතුවරියක වන මාල්‍රට් ඇට්වුඞ් සහ රුසියානු ගත් කතුවරියක වන ලයුද්මිලා යුලිට්කායාට සාහිත්‍යය වෙනුවෙන් නොබෙල් ත්‍යාග පිරිනැමෙනු ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ස්ටොක්හෝම්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS