මෙක්සිකෝවේ ගිනි කන්දක් පුපුරයි

මෙක්සිකෝවේ පෝපෝකැටපැට්ල් ගිනි කන්ද සක්රීය වී පුපුරා යෑමට පටන් ගත්තේය.
ගිනි කන්ද පිපිරී ගියේ භූමි කම්පාවක් ද නිර්මාණය කරමිණි. ගිනි කන්ද පිහිටා ඇත්තේ පුබ්ලා පළාතේය. ගිනි කන්ද අවට පිහිටි ගම්මාන සහ නගරවල වැසියන් කඩිනමින් එම ස්ථානවලින් ඉවත් කිරීමට මෙක්සිකෝ බලධාරීහු කටයුතු කළහ.
ගින් කන්දෙන් නිකුත් වන දුම්වලා හේතුවෙන් ගුවන් ගමන් කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව මෙක්සිකෝ බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.
සාලිට්ස්සින්ටාලාහිදීය (රොයිටර්ස්)

