මෙක්සිකෝ වැසියන්ට වතුර නැති වෙන්නයි යන්නේ



ගෝලීය උණුසුම ඉහළ යෑමත්, විපරිත කාලගුණ තත්ත්වයන් නිර්මාණය වීමත් සමඟ මෙක්සිකෝවේ, ‘මෙක්සිකෝ සිටී’ අගනුවර වැසියෝ උග්‍ර ජල අර්බුදයකට පා සිටිති.

නගර බලධාරීන්ට අනුව, මිලියන 22 ක් වෙසෙන මෙක්සිකෝ සිටී අගනුවර වැසියන්ට ජලය ඇත්තේ තව මාසයකට හෝ දෙකකට පමණි.

මෙක්සිකෝ සිටී යනු සියලු පහසුකම්වලින් සමන්විත, ලොව ප්‍රධාන නගරවලින් එකකි. මෙක්සිකෝව ලතින් ඇමෙරිකාවට අයත් රාජ්‍යයක් වන අතර, මෙක්සිකෝව ඇමෙරිකාවට මායිම් වෙයි. සියලු පහසුකම්වලින් සමන්විත වුවත්, නගර වැසියන්ට ජලය නොමැති වීම බරපතළ ගැටලුවක් වී ඇත.

නගරය අධික ලෙස ජනාකීර්ණ වීම, යටිතල පහසුකම් අඩපණ වීම ද නගර වැසියන්ට ජලය නොමැති වීමට උත්සන්න කිරීමට හේතුවක් වී

පසුගිය වසර ගණනාව තිස්සේ මෙක්සිකෝවට ලැබුණු වර්ෂාපතනය කෙමෙන් කෙමෙන් අඩුවී, වියලි කාලගුණ තත්ත්වය නිර්මාණය වූ බව කාලගුණ විද්‍යාඥයෝ පැහැදිලි කරති.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS