මුහුණු ආවරණ පැලඳීම දේශප්‍රේමී ක්‍රියාවක්



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමටත්, කොරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමටත්, මුහුණු ආවරණ පැලැඳිය යුතු බවත්, මුහුණු ආවරණ පැලැඳීම ‘දේශප්‍රේමී ක්‍රියාවක්’ බවත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කියයි.

ඇමෙරිකා ජනාධිපතිවරයා සිය ට්විටර් ගිණුම ඔස්සේ මෙසේ කියා සිටියේ, ඔහු මුහුණු ආවරණයක් පැලඳ සිටින අයුරු දැක්වෙන ඡායාරූපයක් ද පළ කරමිනි.

‘චීනයෙන් ආ අදිසි වයිරසයට එරෙහිව ඇමෙරිකාවේ අප සටන් වදිනවා. සමාජ දුරස්ථභාවය ආරක්ෂා කර ගැනීම වැදගත්. ඒත් ඒක කරන්න අමාරුයි. එසේ නම් කළ යුත්තේ මුහුණු ආවරණ භාවිතයයි. මුහුණු ආවරණ පැලඳීම දේශප්‍රේමී ක්‍රියාවක්.’ යනුවෙන් ට්‍රම්ප්ගේ ට්විටර් පිණිවුඩයේ දැක්වෙයි.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS