මුම්බායි ගොඩනැගිල්ලක් කඩා වැටේ

ඉන්දියාවේ මුම්බායි නුවර පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී 10 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
කොන්ක්‍රීට් තට්ටු සහ සුන්බුන් අතරේ කොටුවුණු පිරිස 22 කි.
කඩා වැටුණේ මුම්බායි නුවර බෙන්දි බසාර් පළාතේ පිහිටි ගොඩනැගිල්ලකි. සුන්බුන් ඉවත් කරමින් සිරවුණු පිරිස් බේරා ගැනීම ලහිලහියේ සිදුවිය.
කඩා වැටුණු ගොඩනැගිල්ලේ ඉහළ මහලවල පවුල් කිහිපයක් පදිංචිව සිටි බව පැවැසෙයි. පහළ මහල්වල තිබී ඇත්තේ වෙළෙඳසැල්ය.
(එන්.ඩී.ටීවී)

