මුඛ ආවරණ නීති දැඩි කෙරේ

ප්‍රසිද්ධ ස්ථානවලට යද්දී සහ පොදු ප්‍රවාහන සේවා භාවිතයට ගනිද්දී, මුණ ආවරණ අනිවාර්ය යැයි ඇමෙරිකන් වසංගත රෝග පාලන විද්‍යායතනය පවසා තිබේ.
ඇමෙරිකන් වසංගත රෝග විද්‍යායතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුචි ඇමෙරිකන් ජනතාව දැනුවත් කරමින් පවසා ඇත්තේ මුහුණු ආවරණ දෙකක් පැලඳීම යෝග්‍ය බවය.
මේ වනවිට ඇමෙරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් ද මුඛ ආවරණ අනිවාර්ය කරමින් විශේෂ විධායක නියෝගයකට ද අත්සන් කර තිබේ.
කඩිනමින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ කර ඇති නමුත් ඇමෙරිකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන එක්ලක්ෂ 50,000 පසු කර තිබේ. මරණ 35,000 පසු කර තිබේ.
(රොයිටර්)

