මිසයිල යැවූ බව උතුරු කොරියාව පිළිගනී

ජපාන මුහුදට දිගු දුර බැලැස්ටික් මිසයිලයක් යැවූ බවත්, එම මිසයිලය යැවීම සිදු කළේ සබ්මැරීනයක ආධාරයෙන් බවත් උතුරු කොරියාව පවසයි.
මිසයිල අත්හදා බැලීම සාර්ථක වුණු බවත්, තමන් එම මිසයිල අත්හදා බැලීම කළේ රටේ ආරක්ෂාව වෙනුවෙන් බවත් උතුරු කොරියා රජය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.
උතුරු කොරියාව සබ්මැරීනයක ආධාරයෙන් දිගු දුර බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. කර මුහුදට වැටුණු බව ඒ ගැන විමසිල්ලෙන් පසුවුණු දකුණු කොරියාව පවසා තිබේ.
උතුරු කොරියාව මිසයිල අත්හදා බැලීම කළේ, න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ඇමෙරිකාව සමඟ යළි සාකච්ඡා කිරීමට පියවර ගන්නා බව පවසා පැය කීපයක් ගතවෙද්දීය.
සෝල්හිදීය (රොයිටර්ස්)

