මිලියන 3.5 ක් වෙසෙන චීන නගරයක් ලොක්ඩවුන්

‘කොවිඩ් 19’ ආසාදිතයන් 70 දෙනකු වාර්තා වීමත් සමඟ මිලියන 3.5 ක් ජීවත් වන නගරයක් ලොක්ඩවුන් කර සෑම කෙනකුම ‘කොවිඩ් 19’ පරීක්ෂණ සඳහා යොමු කිරීමට චීනය පියවර ගෙන ඇත.
මෙසේ ලොක්ඩවුන් කෙරුණේ චීනයේ වොන්ග්සී පළාතේ බයිසේ නමැති නගරය බවත් මෙය වියට්නාමයට මායිම්ව පිහිටා ඇති බවත් චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කිසිවකුට නගරයෙන් පිටවී යෑමට නොහැකි බව පැවැසෙයි. සියලු මාර්ග හමුදාව යොදවා අවහිර කර ඇත. නගර වැසියන් ආසාදිතයන් ද නැද්ද සොයා බැලීමේ කටයුතු සඳහා ද හමුදාවේ සහාය හිමිවන බව වාර්තා වේ.
(රොයිටර්)

