මිලියන 1.5 ක් පලා ගිහින්

රුසියානු-යුක්රේන යුද්ධය හේතුවෙන්, යුක්රේනයෙන් පලා යන සංචාරකයන්ගේ සංඛ්‍යාව මිලියන 1.5 ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රුසියාව, යුක්රේනය ආරම්භ කර මේ වනවිට දින 11ක් ගත වී තිබෙන යුක්රේනය දිගින් දිගටම බටහිර රටවල සහාය ඉල්ලමින් සිටියි.
රුසියාවට තවදුරටත් සම්බාධක පනවන්නැයි ද රුසියානු හමුදා සමඟ සටන් වැදීමට ආයුධ එවැන්නැයි ද යුක්රේනය දිගින් දිගටම බටහිර රටවලින් ඉල්ලා ඇත.
කෙටි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට යුක්රේනය සහ රුසියාව සිකුරාදා පස්වරුව වනවිට එකඟතාව පළ කර තිබූ නමුත් සෙනසුරාදා දෙපාර්ශවයම සටන් විරාම කොන්දේසි කඩ කර තිබිණි. සටන් විරාමය කඩ කළ බවට, රුසියාව-යුක්රේනයටත්, යුක්රේනය පෙරළා රුසියාවටත් චෝදනා කළේ ය. සටන් විරාමය නිසි පරිදි ක්‍රියාත්මක වූයේ නම් මරියාපෝල් සහ වොල්නොවැකා නගරවල සිටි සිවිල් වැසියන්ට එම නගරවලින් පලා යෑමට ඉඩ තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. එම නගර දෙක දකුණු දිග යුක්රේනයේ පිහිටි විශාලම නගර දෙක ලෙස සැලකෙන අතර එම නගර මේ වනවිට රුසියානු හමුදාවල පාලනයට නතු වී ඇතැයි වාර්තා වේ.
යුක්රේනයෙන් පලා යන වැසියන් අසල්වැසි පෝලන්තය, රුමේනියාව, ස්ලෝවැකියාව සහ අනෙක් අසල්වැසි රටවලට ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්විණි.
රුසියාව සමඟ පවත්වන සාම සාකච්ඡාවල තෙවැනි වට සඳුදා (7) ආරම්භ වන බව යුක්රේන සංසන්ධිකයෝ (සාකච්ඡා කරන්නන්) ප්‍රකාශ කළහ. යුක්රේන පාර්ශවයෙන් එසේ ප්‍රකාශ කෙරුණ ද සාකච්ඡා සම්බන්ධයෙන් රුසියාවෙන් ස්ථීර වශයෙන් අදහස් දැක්වීමක් නොකෙරුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.
මේ අතරවාරයේ දී යුක්රේන ජනාධිපති ව්ලෝදිමීර් සෙලෙන්ස්කි සෙනසුරාදා රාත්‍රියේ දී එරට වැසියන් ඇමතී ය.
නිවසින් පිටතට පැමිණ රුසියානු හමුදාවලට එරෙහිව සටන් වදින්නැයි ද යුක්රේන ජනාධිපතිවරයා එහිදි යුක්රේන වැසියන්ගෙන් ඉල්ලී ය.
“අපි එළියට යා යුතු යි. මේ යක්ෂයන් අපේ නගරවලින් පලවා හැරිය යුතු” යැයි යුක්රේන ජනාධිපතිවරයා කීවේ ය.
(රොයිටර්)

