මියගොස් සිටියේ අනවසර සංක්රමණිකයෝ

නැගෙනහිර ලන්ඩනයේ එසෙක්ස් ප්රාන්තයේ කන්ටේනර් ට්රක් රියෙන් හමුවුණේ, බි්රතාන්යයට නීතිවිරෝධී අයුරින් ආ සංක්රමණිකයන් පිරිසක් යැයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
ට්රක් රථය වේල්සයේ හෝලිහෙඞ් හරහා බි්රතාන්යයට ඇතුළු වී තිබේ. එහි රියැදුරා 25 හැවිරිදි අයර්ලන්ත ජාතික තරුණයකු බවත් ඔහු මේ වනවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.
ට්රක් රිය, ගැරීස් පළාතේ වෝටර්ග්ලේඞ් නර්මාන්ත පුරයට පැමිණි අවස්ථාවේදී එය සෝදිසි කිරීමකට ලක් විය. මළ සිරුරු ඇති බව අනාවරණය වූයේ එම අවස්ථාවේදීය.
නීතිවිරෝධී ආකාරයෙන් සිදුවන මිනිස් ජාවාරම් වැළැක්වීමට වහා පියවර ගත යුතු යැයි සිද්ධිය සම්බන්ධයෙන් කම්පාවට පත් බි්රතාන්ය ස්වදේශ කටයුතු ලේකම්වරිය පී්රති පටෙල් පොලිසියට උපදෙස් දී ඇතැයි ද පැවසෙයි.
ලන්ඩනයේදීය (ඒ.එෆ්.පී.)

