මැලේසියාවෙත් කොරෝනා පැතිරේ



මැලේසියානු ජාතිකයකුට කොරෝනා වයිරසය වැළැඳී ඇතැයි එරට බලධාරීහු අද (4) ප්‍රකාශ කළහ.
ඒ අනුව මැලේසියාවේ සිටින කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව දහයකි.

41 හැවිරිදි මැලේසියානු ජාතිකයකුට මෙලෙස කොරෝනා වයිරසය වැළැඳී තිබෙන අතර හෙතෙම ජනවාරි මාසයේදී හමුවක් සඳහා සිංගප්පූරුවට ගොස් ඇත. එහිදි ඔහු චීන මිතුරන් කිහිපදෙනකුද මුණ ගැසී ඇති අතර ඒ අතර වූහාන් නගරවැසියකු සිට ඇත. නැවත මැලේසියාවට පැමිණීමෙන් සතියකට පසු ජනවාරි 29 වැනිදා හෙතෙම රෝග ලක්ෂණ පෙන්නම් කර තිබේ.

ඔහු සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවල විද්‍යාගාර ප්‍රතිඵල ලැබී ඇත්තේ පෙබරවාරි 3 වැනිදා වන අතර ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එයින් තහවුරු වූ බලධාරීහු පැවැසූහ. ඊට අමතරව වූහාන් නගරයෙන් පැමිණි 63 හැවිරිදි පුද්ගලයකුට කොරෝනා වයිරසය වැළැඳී ඇතැයි මැලේසියානු බලධාරීහු කීහ. 

ක්වාලාලම්පූර්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS