මැලේරියා මර්දනයට තවත් එන්නතක්



මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතක් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවිය. ලෝක සෞඛ්‍ය සංවිධානය මැලේරියා මර්දනය සඳහා එන්නතකට අනුමැතිය දුන් දෙවැනි අවස්ථාව මෙයයි.

මීට පෙර, මැලේරියා මර්දන එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන්නේ මීට වසර දෙකකට පෙරය. එම එන්නත ‘ආර්.ටී.එස් -එස්’ යනුවෙන් හැඳින්වෙයි.

අලුතින් අනුමැතිය ලබා දුන්නේ, බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති ‘ආර්21/ මෙට්‍රික්ස්-එම්’ නමැති එන්නතය.

2024 සිට මෙම නව එන්නත බෙදා හැරීම සිදුවනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා තිබේ.


RECOMMEND POSTS