මැරයන් රථවාහන ආරක්ෂිත කැමරා කඩාදමලා



සෞදි අරාබියේ ජාසන් පළාතේ රිය අනතුරු අවම කිරීමේ අරමුණින් පසුගිය සතියේ මාර්ගය දෙපස අලුතින් සවිකරන ලද රථවාහන ආරක්ෂිත කැමරා හදුනා නොගත් මැරයන් පිරිසක් විනාශ කර දමා ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කලේය. 

ආරක්ෂිත කැමරා සවිකිරීම මගින් අධික වේගයෙන් වාහන ධාවනය කරනු ලබන රියදුරන් හදුනා ගැනීම සහ රියදුරන් අධික වේගයෙන් වාහන ධාවනය කිරීම වැලැක්වීම සෞදි පොලිසීයේ අරමුණ විය.  

ආරක්ෂිත කැමරා විනාශ කල පුද්ගලයින්ට විරුද්ධව රාජ්‍ය දේපල විනාශ කිරීම් වරදට නඩු පවරනු ලබන බව සෞදි පොලීසිය සදහන් කලේය. 

ඉදිරි සති කීපයේදී රථවාහන ආරක්ෂිත කැමරා 50ක් සවිකිරීමට නියමිතව ඇති අතර මාර්ගය දෙපස සවිකරනු ලබන මුළු රථවාහන ආරක්ෂිත කැමරා සංඛ්‍යාව 60ක් වන බව ජාසන් රථවාහන අධ්‍යක්ෂ ජෙනරාල්, කර්නල් රෂිඩ් බින් සෙයිඩ් අල්-ගම්ඩි ප්‍රකාශ කලේය.   


ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS