මැතිවරණ රැළියට බෝම්බ ප්‍රහාරයක්
ඇෆ්ගනිස්තානයේ නන්ගහාර් පළාතේ පැවැති මැතිවරණ රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 13 කි.
බෝම්බ ප්‍රහරය එල්ල වූයේ අපේක්ෂක අබ්දෙල් නසීර් මොහොම්මද්ගේ රැළියට යැයි පැවැසෙයි. ඇෆ්ගනිස්තාන පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 20 වැනිදාය.
බෝම්බ ප්‍රහාරය තලේබාන් හිතවාදී අයි.එස්.අයි.එස්. ත්රස්තවාදීන්ගේ ප්‍රහාරයක් යැයි අනුමාන කෙරේ. මැතිවරණ කටයුතු කඩාකප්පල් කරන බවට ත්රස්තයන් අනතුරු අඟවා ඇත.
(අල් ජසීරා)

