මැක්රොන් පුටින් අමතයි
දෙවැනි වරටත් ජන වරමක් හිමිවුණු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර දුරකතන කතාබහක් සිදුවිය. ඒ, රුසියන් යුක්රේන අර්බුදය මුල්කොට ගනිමිනි.
අර්බුදය විසඳා ගැනීමට යුක්රේනය සමඟ සාකච්ඡා කිරීමට සූදානම් නමුත්, දිගින් දිගටම බටහිරින් ආධාර ලබන යුක්රේනය එම සාකච්ඡා මඟ හරිනවා යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ප්‍රංශ ජනාධිපති මැක්රොන් සමඟ පැවැසීය.
රුසියන් යුක්රේන අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට මැදිහත් වී සිටින යුරෝපා රාජ්‍ය නායකයකු වන්නේ ප්රංශයයි. ප්‍රංශය ‘නෝටෝ’ හිතවාදී රාජ්‍යයක් වුවත්, නේටෝ සාමාජිකයකු නොවෙයි.
(ඒ.එෆ්.පී.)

