මාලදිවයිනේ ජනාධිපතිවරණය ඇරැඹේ

මාලදිවයින දූපත් රාජ්‍යයේ ජනාධිපතිවරණය අද (23) ආරම්භ වෙයි. දූෂණ වංචා චෝදනා එල්ල වී සිටින වත්මන් ජනාධිපති අබ්දුල්ලා යමීන් පාලක ප්‍රගතශීලී පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටී.
අබ්දුල්ලා යමීන්ට අභියෝගයක් විය හැකි විපක්ෂ අපේක්ෂකයා මාලදිවයින ප්රජාතන්ත්රවාදී පක්ෂයේ ඊබ්‍රහීම් මොහොමද් සෝලීය.
විපක්ෂය චෝදනා කරන්නේ ජනාධිපති අබ්දුල්ලා යමීන් සහ ඔහුගේ පක්ෂය බලපෑම් එල්ල වූ බැවින් නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි වනු ඇති බවය.
ප්රජාතන්ත්රවාදී පක්ෂය නියෝජනය කරන මාලදිවයිනේ හිටපු ජනාධිපති අබ්දුල්ලා යමීන් ද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටියේය. පසුගිය පෙබරවාරියේ ඔහු ඒ බව නිල වශයෙන් නිවේදනය කර තිබුණි. කෙසේ නමුත් පසුගිය ජූනි මාසයේදී තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව යමීන් කියා සිටියේය. ඒ අනුව, ප්රජාන්ත්රවාදී පක්ෂය 59 හැවිරිදි ඊබ්‍රහීම් මොහොමද් සෝලී ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස නම් කළේය.
(එන්.ඩී.ටීවී.)

