මාලදිවයින ජනපතිවරණයේ දෙවැනි වටය



මාලදිවයින ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද ආරම්භ විය. දෙවැනි වටය පැවැත්වෙන්නේ පළමු වටයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනූ වත්මන් ජනාධිපති ඊබ්‍රහීම් සෝලි සහ විපක්ෂ නායක මොහොමද් මුයිසූ අතරේය.

ඊබ්‍රහීම් සෝලි ඉන්දීය හිතවාදියකු වන අතර, මාලේ අගනුවර නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළ විපක්ෂ නායක මොහොමද් මුයිසූ චීන හිතවාදියෙකි. එහෙයින් මාලදිවයින අනාගතයේ වැඩි සබඳතා පවත්වනු ඇත්තේ ඉන්දියාවට ද නැතිනම් චීනයට ද යන්න තීරණය කරන්නේ මෙම ජනාධිපතිවරණයයි.

මාලදිවයින ජනාධිපතිවරණයේ පළමු වටය පැවැත්වූයේ පසුගිය සැප්තැම්බර් 8 වැනිදාය. එයින් කිසිවකුටවත් බහුතර බලයක් හිමි නොවිණි. දෙවැනි වටයකට යෑමට සිදුවූයේ සියයට 50 කට වැඩියෙන් කිසිවකු ඡන්ද ලබා නොගත් බැවිනි.

කෙසේ නමුත් පළමු වටයෙන් මොහොමද් මුයිසූ ඉදිරියට පැමිණියේය. ඒ, සියයට 46 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දෙන ඊබ්‍රහීම් සෝලි දිනා ගත්තේ සියයට 39 ක ඡන්ද ප්‍රතිශකයක් පමණි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS