මාරක වසංගතය අප්‍රිකා රටවලට පැතිරිලා



නියුමෝනියා ආසාදන තත්ත්වයක් ඇති කරන, මහාමාරිය වැනි මාරක රෝගයක් ඉන්දීය සාගරයේ පිහිටි මැඩගස්කර් දූපත් රාජ්‍යය පුරා පැතිර යමින් පවතින අතර, එය මේ වනවිට අප්‍රිකා මහද්වීපයේ රටවල් 9 ක සහ පාලන ප්‍රදේශ රැසකට පැතිර ගොස් ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

රෝගය පැතිරගොස් ඇති රටවලින් බොහොමයක් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත යැයි ද පැවැසෙයි.

මැඩගස්කරයේ මෙම රෝගය පැතිරීම ආරම්භ වූයේත් එය වසංගත තත්ත්වයක් බවට ප්‍රකාෂයට පත් කෙරුණේත් පසුගිය අගෝස්තු මාසයේදීය. මේ වනවිට 124 දෙනෙක් රෝගය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී සිටිති. රෝහල් ගත කෙරුණු ගණන 1,231 කි.

කොමරෝස්, ඉතියෝපියා, කෙන්යා, මොසැම්බික්, දකුණු අප්‍රිිකාව, ටැන්සානියාව, සී ෂෙල්ස් දූපත් රාජ්‍යයට, මුරුසි දිවයිනට, ප්‍රංශ පාලනය යටතේ පවතින ‘රා රියුනියොන්’ දූපත්වලට මේ වනවිට මෙම මාරක රෝගය පැතිර ගොස් ඇතැයි ද වාර්තා වේ.

මෙම මාරක රෝගය බැක්ටීරියාවක් නිසා ආසාදනය වෙයි.

මැඩගස්කර වැසියන් අතර මෙය පැතිර යන්නේ ඔවුන්ගේ සම්ප්‍රදායක් හේතුවෙන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කරයි.

මීට පෙර මෙම රෝගය හේතුවෙන් වසංගත තත්ත්වයක් වාර්තා වී නැතැයි ද සෞඛ්‍ය බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

මැඩගස්කරයේ සම්ප්‍රදායික වැසියන් ඔවුන්ගේ පවුලේ ඥාතීන් මියයෑමෙන් පසු කඩිනමින් මිහිදන් කරයි.

දින කිහිපයක් යද්දී, මිහිදන් කළ සිරුරු යළි ගොඩගෙන එම සිරුර වටා නටයමින් නර්තනයේ යෙදෙයි.

මෙය හැඳින්වෙන්නේ ‘ෆමාදිහානා’ යනුවෙනි. යළි ගොඩ ගන්නා මළ සිරුරු අලුත් රෙදිවලින් එතීම සිදු කරයි. ඒ, පවුලේ අය විසින්මය.

ඉන්පසු නැවතත් සොහොන් වළට දමා මිහිදන් කෙරේ. වසංගතයට හේතුවුණු මාරක බැක්ටීරියාව පැතිර යෑම සිදුවීමට හේතුව මෙය යැයි පැවැසෙයි.

(ඬේලිමේල්)


RECOMMEND POSTS