මාධ්‍ය හමුව අතරතුරේ ජනපති බයිඩන් පිටවී යයි



ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුරේ, මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී, ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන්, හිටිහැටියේ මාධ්‍ය හමුව අතරමැද නවත්වා යන්න ගියේය.

මාධ්‍ය හමුව මැද බයිඩන් ඉවත් වී යන අයුරු මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී තිබේ. බයිඩන් ඉවත් වී ගියේ, ඇමරිකාවේ ‘සිලිකන් වැලි’ බැංකුවේ කඩා වැටීම පිළිබඳ මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ අවස්ථාවේදී ඒ ගැන කිසිදු තැකීමක් නොකරමිනි.

මාධ්‍යවේදියා විමසා සිටියේ, ‘සිල්කන් බැංකුවේ’ කඩා වැටීම ඇමෙරිකාවේ අනෙක් බැංකු වලට බලපෑමක් එල්ල කරාවිදැයි යනුවෙනි.

ගණුදෙනුකරුවන් විශාල වශයෙන් තම තැන්පතු ආපසු ලබා ගැනීම හේතුවෙන් ‘සිලිකන් වැලි’ බැංකුව කඩා වැටුණේ පසුගිය 13 වැනිදාය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS