මා හොඳින් ඉන්නවා



තමා හොඳින් සිටිනවා යැයි රීඩ් ජාතික හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටින ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ට්විටර් ගිණුම ඔස්සේ, වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පැවැසුවේය‍.

‘රෝහල්ගත කරද්දී මා සිටියේ අසනීපෙන්. ඒත් දැන් වෙනසක් තිබෙනවා. මට හොඳ සනීප ගතියක් දැනෙනවා’ යැයි එම වීඩියෝ පණිවුඩයේ සඳහන් වෙයි.

කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසු රෝහල්ගත වීමට ට්‍රම්ප් අදිමදි කළ බවත්, ඔහුට රෝහල්ගත වෙන්නැයි බල කළේ ඔහුගේ උපදේශකවරුන් බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

ට්‍රම්ප් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයට ඇතුළත් කරද්දී, උණ සහ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නමුත්, අද (4) වනවිට එම රෝග ලක්ෂණ පහව ගොස් ඇති බවත් ධවල මන්දිර වෛද්‍ය සෝන් කොන්ලි පවසා ඇත.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS