මස්ක් පිටුවහල් කරන්න ට්‍රම්ප් සැරසෙයි



ලොව අංක එකේ බිලියනපති, ව්‍යාපාරික ඉලොන් මස්ක්, දකුණු අප්‍රිකාවට පිටුවහල් කිරීම කෙරෙහි සලකා බලන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ, ට්‍රම්ප් සහ මස්ක් අතරේ පවතින මත ගැටුම් දුරදිග යෑම හේතුවෙනි.

ඇමෙරිකන් පුරවැසියකු වුවත්, ඉලොන් මස්ක් උපතින් දකුණු අප්‍රිකානුවෙකි. ට්‍රම්ප් සහ මස්ක් අතරේ හටගත් නව අර්බුදයට හේතුව, ජනාධිපති ට්‍රම්ප්ගේ නව අයවැය පනත් කෙටුම්පතය.

එම පනත් කෙටුම්පත ඇමෙරිකන් කොංග්‍රසයට යොමු කර ඇති අතර එය ජනතා විරෝධී පනත් කෙටුම්පතක් බව මස්ක් පෙන්වා දී ඇත.

එම පනත් කෙටුම්පත සම්මත වුවහොත්, තමන් ‘ඇමෙරිකන්’ නමින් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් බව ද මක්ස් ප්‍රසිද්ධියේ පවසා ඇත. මෙය ට්‍රම්ප්ගේ උදහසට හේතුවක් විය.

ඉලොන් මක්ස් යළි දකුණු අප්‍රිකාවට නෙරඵීම කෙරෙහි තමන්ගේ අවධානය යොමු වී ඇතැයි ට්‍රම්ප් පවසා ඇත්තේ මේ නිසාය.


RECOMMEND POSTS