මව පැදවූ රියට යටවී පස් හැවිරිදි දරුවකු මරුට
එක්සත් අරාබි එමිරේට්හි රාස් අල්-කායිමාය් නගරයේදි සිය මව රාජකාරිමය කටයුත්තක් සදහා පිටත්ව යෑමට ගරාජයේ සිට තම කාරය පිටුපසට ධාවනය කරද්දි එයට යටවීමෙන් අවුරුදු 5ක දරුවකු එම ස්ථානයේදීම මියගොස් ඇත.
ඇය නිවසෙන් ගරාජය වෙත යන අවස්ථාවේදි දරුවා ඇය පසුපස පැමිණෙන බව මව දැනගෙන නොමැත.
මෙම සිද්ධියෙන් පසු මව දරුවා රෝහලකට රැගෙන ගියද ඒ වනවිටත් දරුවා ජීවිතක්ෂයට පත්වී ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු කිරීම සදහා අදාල බළධාරීන් වෙත යොමුකල බව අල්-මාමුරා පොලිස් ප්‍රධානී කර්නල් අරේෆ් අල්-කූස් කියා සිටියේය.
මෙම සිද්ධිය මෙවැනි අවාසනාවත්න සිද්ධීන් ඇති නොවීමට සෑම දෙමාපියෙක්ම තම දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම හොදින් අවබෝධකර ගතහැකි සිද්ධියක් බව පොලිස් ප්‍රධානියා වැඩිදුරටත් සදහන් කලේය.
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)
ජානක ප්‍රියදර්ශන ජයතිලක

