මලාවි උප ජනාධිපති රැගත් යානය අතුරුදන්



අප්‍රිකාවට මලාවි රාජ්‍යයේ උප ජනාධිපති සවුලෝස් චිලිමා ගමන් කරමින් සිටි හමුදා ගුවන් යානය අනතුරුදන්ව ඇතැයි එරට මාධ්‍ය පවසයි. 

යානය කඩා වැටෙන්න ඇතැයි අනුමාන කරමින්, සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ. උප ජනාධිපතිවරයා ඇතුළු තවත් 9 දෙනෙක් ගුවන් යානයේ සිට ඇත.  උප ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය අතුරුදන් වූ බව මලාවි ජනාධිපති ලසරස් චක්වේරා ද තහවුරු කර ඇත.

ජනාධිපති ලසරස් බහාමාස් බලා යෑමට සූදානමින් සිටි නමුත්, උප ජනාධිපතිවරයාගේ අතුරුදන් වීම මුල්කොට ගනිමින් එම ගමන අවලංගු කෙරුණු බව ද පැවැසෙයි.

51 හැවිරිදි උප ජනාධිපතිවරයා ලිලොංග්වේ අගනුවරින් ගුවන් යානයට ගොඩ වී ඇත්තේ කිලෝ මීටර් 370 ක් ඈතින් පිහිටි ම්සුසු ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යෑමටය. එය මිනිත්තු 45 ක ගුවන් ගමනකි. මලාවි යනු ගිනිකොණදිග අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. නිල භාෂාව ඉංග්‍රීසිය. 

 (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS