මලාලා වෙඩි කෑ තැනට යයි



වසර හයකට පසු යළි පාකිස්තානයට පැමිණ සිටින නොබෙල් සාම ත්‍යාගලාභිනිය 20 හැවිරිදි මලාලා යූසොෆ්සායි ඇගේ උපන් නගරය බලා ගියාය.

මලාලාගේ උපන් නගරය වන්නේ ස්වාත් නිම්නයේ මින්ගෝරාය. මලාලා ඇගේ පියා සහ මව ද සමඟ ඔවුන්ගේ පරණ නිවසටත්, බාලිකා පාසලටත් ගියාය.පාකිස්තාන රජය මලාලාට විශේෂ ආරක්ෂාවක් යොදා තිබුණි. මලාලා වෙනුවෙන් විශේෂ හෙලිකොප්ටරයක් ද වෙන් කර තිබුණි.

මලාලා තලේබාන් ත්‍රස්තවාදියාගේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ 2012 වසරේදීය. ඒ වනවිට ඇගේ වයස අවුරුදු 15 කි.

එම වෙඩි තැබීමට ලක්වුණු තැනට ද ඇය ගියාය. එහිදී හැඟීම්බරව අතීත සිදුවීම මෙනෙහි කිරීමට ද ඇය අමතක නොකළාය.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS