මරු කැඳවන ජානය හඳුනා ගැනෙයි



'කොවිඩ් 19' වයිරසය හේතුවෙන් මරු කැඳවන සුවිශේෂී ජානය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පෝලන්තයේ බියලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සමත් වී ඇත.

'කොවිඩ් 19' වයිරසය ඇතැමුන්ට මාරක වන්නේත් ඇතැමුන්ට නිකම්ම නිකම් සෙම්ප්‍රතිශ්‍යාවක් වන්නේත් මෙම සුවිශේෂී ජානය නිසා බව මීට පෙර තහවුරු වී තිබුණි. කෙසේ නමුත් එම ජානය සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදු කළේ බියලිස්ටොක් වෛද්‍ය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ය.

යුරෝපයේ ජනගහණයෙන් සියයට 9ක මෙන්ම පෝලන්ත ජනගහණයෙන් සියයට 14ක මෙම ජානය පවතින බව පර්යේෂකයන් සොයා ගෙන තිබේ. යුරෝපයේත්, යුරොපා රටක් වන පෝලන්තයේත් 'කොවිඩ් 19' ව්‍යාප්තිය දරුණු වීමට මෙම ජානය ඉවහල් වුණු බව පර්යේෂකයන් අනාවරණය කරගෙන තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS