මරණ හිටිහැටියේ වෙනස් වෙයි



චීන රජය සහ එරට සෞඛ්‍ය බලධාරීන්, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ව්‍යාප්තවීම ඇරැඹුණු වූහාන් නුවර මරණ සංඛ්‍යාව සංශෝධනයට ලක් කර තිබේ.

ඒ අනුව, නව මරණ 1,290 ක් වූහාන් මරණ සංණ්‍යාවට එක් වනු ඇති බවත්, වූහාන් නුවර සමස්ත මරණ 3,869 ක් වන බවත් චීන රජය නිකුත් කළ වාර්තාවල සඳහන් වී ඇත.

සිදුවුණු අතපසුවීම් හේතුවෙන් මෙම මරණ 1,290, සමස්ත මරණ සංඛ්‍යාවට ඇතුළත් නොවුණු බව ද වූහාන් බලධාරීන් පෙන්වා දී තිබේ. වූහාන් නුවර මරණ සංඛ්‍යාව මෙසේ ඉහළ යද්දී, චීනයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 4,632ක් ලෙස සටහන් වන බව ද පැවැසෙයි.

වූහාන්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS