මරණ දඬුවම ආයෙත් කල් යයි



ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වෛද්‍ය සිසුවිය සමූහ දූෂණය කළ අපරාධකරුවන් සිවු දෙනා එල්ලා මරා දැමීමට අද (3) නියමිතව තිබුණ ද අවසන් මොහොතේ එය අවලංගු කෙරුණි.

ජෝති සිං නමැති 23 හැවිරිදි එම වෛද්‍ය සිසුවිය හැඳින්වෙන්නේ ‘නිර්භයා’ යනුවෙනි. එය නවදිල්ලි නුවර බස් රියක් තුළ සමූහ දූෂණයට ලක් වූයේ 2012 දෙසැම්බර් 16 වැනිදාය.

නිර්භයාට එම අපරාධ කළේ මුඛේෂ් සිං, වින්යා ෂර්මා, අක්ෂේ තාකූර් සහ පවන් ගුප්තා යන තිදෙනාය. සමූහ දූෂණයට ලක්වී බරපතල ලෙස තුවාල ලැබූ සිසුවිය රෝහල්ගත කිරීමෙන් පසුව මියගියාය. ඒ, සමූහ දූෂණයට ලක්වී දින කීපයකට පසුවය.

අපරාධකරුවන් සිවුදෙනා තිහාර් බන්ධනාගාරයේ දී එල්ල මරා දැමීමට නියමිතව තිබුණි. මොවුන් සිවුදෙනා මීට පෙර ද අවස්ථා දෙකකදී එල්ලා මරා දැමීමට සූදානම් වුවත් අවසන් මොහොතේ එය වෙනස් විය. 

පවන් ගුප්තාගේ පෙත්සම ඉන්දීය ජනපති රාම්නාත් කෝවින්ද් වෙත යොමු කර ඇති අතර, ජනපතිවරයා ඊට තවමත් පිළිතුරක් ලබා දී නොමැති බැවින් එල්ලා මරා දැමීමේ දිනය කල් දැමීමට සිදුවුණු බව  ඉන්දීය සේවා වාර්තා කළේය.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS