මරණ 3,000 ඉක්මවයි

චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වූ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයට බිලිවුණු ගණන ඊයේ (2) වනවිට 3,000 ඉක්මවීය.
වයිරස ආසාදිතයන් ගණන 89,072 ක් බවත් වයිරසය ආසාදනය වී සම්පූර්ණයෙන් සුවය ලැබූ ගණන 85,074 ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත. ‘කෝවිඞ් 19’ වයිරසය ඊයේ (2) වනවිට රටවල් 65 කට පැතිර ගොස් තිබුණි.
ඊයේ (2) උදෑසන ඉන්දුනීසියාව, චෙක් ජනරජය, ස්කොට්ලන්තය සහ ඩොමිනිකන් ජනරජය නිවේදනය කළේ එරටින් පළමු කොරෝනා ආසාදිතයයන් හමුවුණු බවය.
චීනයෙන් පිට වැඩිම ආසාදිතයන් හමුවී ඇත්තේ දකුණු කොරියාවෙන්, ඉරානයෙන් සහ ඉතාලියෙනි. ඊයේ (2) වනවිට ඉතාලියෙන් හමුවුණු කොරෝනා ආසාදිතයන් ගණන 1,694 කි. ඉතාලි සෞඛ්‍ය බලධාරීන්ට අනුව ඉතාලියේ කොරෝනා මරණ සංඛ්‍යාව 34 කි.
බහරේනයෙන් කොරෝනා ආසාදිතයන් 6 දෙනකු හමුවීමත් සමඟ එරටින් හමුවුණු ආසාදිතයන් ගණන 47 දක්වා ඉහළ ගියේය. ඉරාකය ඊයේ (2) නිවේදනය කළේ එරට කොරෝනා ආසාදිතයන් 6 දෙනකු සිටින බවය. නයිජීරියාවෙන් එක් ආසාදිතයකු හමුවී ඇති අතර, තවත් ආසාදිතයන් 100 දෙනකු සිටින බවට සැක කෙරේ.
නයිජීරියා රජය සහ එරට සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ, කොරෝනා වයිරසය රටපුරා පැතිරීම වැළැක්වීමට ගතහැකි සෑම පියවරක්ම ගත් බවය. කටාර් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇත.
ඉරානයෙන් හමුවුණු වයිරස ආසාදිතයන් ගණන 1,000 ඉක්මවා ඇති බවත් වයිරසය හේතුවෙන් මියගිය ගණන 54 ක් බවත් ඉරාන සෞඛ්‍ය අමත්‍යාංශයේ නිල වාර්තාවල සඳහන් වෙයි.
චීනයෙන් පිට දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් හමුවුණු දකුණු කොරියානු රජය පවසා ඇත්තේ එරට තුළ වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීමට හැකි සෑම පියවරක් ම ගෙන ඇති බවය. ගතවුණු පැය 24 ක කාලය ඇතුළත දකුණු කොරියාවෙන් හමුවුණු ආසාදිතයන් ගණන 210 ක් යැයි වාර්තා වේ. ඒ අනුව එරට ආසාදිතයන් ගණන 3,736 දක්වා ඉහළ ගොස් ඇත.
ලෙබනනයේ කොරෝනා ආසාදිතයන් ගණන ඊයේ (2) වනවිට 10 දක්වා ඉහළ ගියේ යැයි වාර්තා විය. මහා බි්රතානයයේ කොරෝනා ආසාදිතයන් ගණන මේ වනවිට 35 දක්වා ඉහළ ගොස් ඇත. බි්රතාන්ය අගමැති බොරිස් ජොන්සන් කියා සිටියේ වයිරසය පැතිරීම වැළැක්වීම කෙරෙහි ප්‍රමුඛත්වය ලබා දී ඇති බවය.
ප්‍රංශයේ කොරෝනා ආසාදිතයන් ගණන 100 දක්වා වැඩි වී ඇති අතර මරණ දෙකක් වාර්තා වේ. වයිරසය පැතිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ලෝ ප්‍රකට පැරිසියේ ලූව්ර කෞතුකාගාරය ද වසා දමා තිබේ.
ඕස්ටේ්රලියාවෙන්, තායිලන්තයෙන් සහ ඇමෙරිකාවෙන් පළමු කොරෝනා වයිරස මරණ වාර්තා විය. ඇමෙරිකාවෙන් පළමු කොරෝනා මරණය වාර්තා වූයේ පෙරේදා (1) ය. ඇමෙරිකාවෙන් මේ වනවිට ‘කෝවිඞ් 19’ ආසාදිතයන් 62 ක් වාර්තා වෙයි. ඔවුන් අතර ජපානයේ නිරෝධායනය කළ ‘ඩයමන්ඞ් ප්‍රින්සෙස්’ නෞකාවේ සිට ඇමෙරිකාවට ගෙන්වා ගත් අය ද සිටින බව පැවැසෙයි. විදේශවලින් වයිරසය ඇමෙරිකාවට ව්‍යාප්තවීමෙන් පසු, ඇමෙරිකාව තුළ වයිරසය ව්‍යාප්තවීමෙන් විසි දෙදෙනෙක් රෝගී වූහ. එසේ රෝගී වූවන්ගෙන් 15 සම්පූර්ණයෙන් සුවය ලබා ඇතැයි ද පැවැසෙයි.
ඇමෙරිකාව තුළ කොරෝනා වයිරසය මැඬලීමට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. ඒ, ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අධීක්ෂණය අනුවය. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස් යටතේය.
ජීනීවාහිදීය (රොයිටර්)

