මයික් පෙන්ස්ට එන්නත දෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති මයික් පෙන්ස් ප්රසිද්ධියේ, ෆයිසර් බයෝඇන්ටෙක් එන්නත අද (18) ලබාගත්තේ ය.
ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ධවල මන්දිරයේදී මෙලෙස ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස එන්නත ලබාගත් අතර එය ඇමෙරිකානු රූපවාහිනි ඔස්සේ ප්රසිද්ධියේ විකාශය කෙරුණි.
“එන්නතේ ආරක්ෂාව සහ සාර්ථකත්වය ප්රවර්ධනය කිරීම අපේ අරමුණයි. ඒ වගේම ඇමෙරිකානු ජනාතව අතර විශ්වාසය ගොඩනගන්න වුවමනා” යැයි ඇමෙරිකානු උප ජනාධිපතිවරයා එන්නත ලබාගැනීමෙන් අනතුරුව පැවැසීය.
‘කොවිඩ්-19’ එන්නත ඇමෙරිකානු ජනතාවට ලබාදීමත් එහි සාර්ථකත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීමත් ට්රම්ප් පරිපාලනයේ ප්රධාන අරමුණ යැයි ද හෙතෙම කීය.
“මට කිසිදෙයක් දැනුණේ නැහැ” යැයි ද එන්නත ලබාගත් විගස ඇමෙරිකානු උප ජනාධිපතිවරයා කීය.
“ද නිව්යෝක් ටයිම්ස්” ඇසුරිනි

