මමත් ධුරයට සමුදෙනවා



ඕස්ටේලියානු පුරවැසියකු පමණක් නොව, එක්සත් රාජධානියේ ද පුරවැසිභාවය ඇති බව පෙන්වා දෙමින්, ඔස්ටේ්‍රලියා සෙනෙට් මණ්ඩල නායක ස්ටිෆන් පැරී සිය ධුරයෙන් ඉල්ලා අස්විය.

ව්‍යවස්ථාවට අනුව ද්විත්ව පුරවැසිභාවය ඇති ඔස්ටේ්‍රලියා පුරවැසියකුට එරට පාර්ලිමේන්තු නියෝජිතයකු වීමට හැකියාවක් නැත.

පසුගිය දා නවසීලන්ත පුරවැසිභාවය හිමිවී තිබීම හේතුවෙන් ඔස්ටේ්‍රලියානේ නියෝජ්‍ය අගමැති බාර්නබී ජොයිස්ට සිය ධුරය අහිමි විය. ඒ, ශ්‍රේෂ්ඨාධධිකරණ තීන්දුවකට අනුවය.

රටේ ව්‍යවස්ථාවට ගරු කරමින්, තමා ද සෙනෙට් මණ්ඩල සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා යැයි ස්ටිෆන් පැරී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේය.

(රොයිටර්)

 


RECOMMEND POSTS